ව්‍යවසායක මූල්‍ය පහසුකම්

PMF ෆයිනෑන්ස් පීඑල්සී » ව්‍යවසායක මූල්‍ය පහසුකම්

සමාගමේ නිපැයුම් කළඹට එකතුකරන ලද නවීනතම නිපැයුම වනුයේ ව්‍යවසායක මූල්‍ය ණය යෝජනා ක්‍රමයයි. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය යන්හි (MSME) නියැලී සිටින ව්‍යවසායකයින් හට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්තිය සඳහා මූල්‍ය ආධාර සැපයීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණයි.

මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ව්‍යවසායකයාගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා මූල්‍යමය මෙන්ම තාක්‍ෂණික සහ වෙළඳපල අංශ වෙත සහාය වීම සඳහා අවශ්‍ය පරිපූර්ණ පුළුල් සේවා පැකේජයක් සැපයීමයි. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සම්බන්ධතා ණය දීමේ ආකෘතිය ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය ඉලක්ක කර ඇත්තේ සාම්ප්‍රදායික බැංකුකරණයට සීමිත ප්‍රවේශයක් ඇති, පුද්ගල කේන්ද්‍රීය කඩිනම් සේවාවක් අපේක්ෂා කරන, පවතින ව්‍යාපාර පුළුල් කිරීම සඳහා සැලසුම් කරන ව්‍යවසායකයන් සඳහාය.

විභව අංශ

  • කෘෂිකර්මය සහ පශු සම්පත්
  • ජලජීවී වගාව
  • ගොඩනැගිලි සහ ඉදිකිරීම් ද්‍රව්‍ය
  • ආහාර සැකසුම්කරණය
  • ගෘහ භාණ්ඩ සහ හස්ත කර්‍මාන්ත නිපැයුම්
  • ඇඟලුම් කර්මාන්ත
  • උද්යාන විද්යාව
  • ලෝහ ආශ්‍රිත කර්මාන්ත
  • ආපනශාලා සහ ආහාර සැපයීම
  • අනෙකුත් දේශීය ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්

සුවිශේෂ ලක්ෂණ

  • රුපියල් මිලියන 3 දක්වා පහසුකම්
  • වසර 3 දක්වා නම්‍යශීලී ආපසු ගෙවීමේ සැළසුම්
  • අවම ලියකියවිලි
  • තරඟකාරී පොලී අනුපාත
  • ණය සුරැකුම් රක්ෂණාවරණය
  • අධ්‍යාපනික සහ තාක්ෂණික උපදේශන
  • හවුල් වැඩසටහන්

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග PMF ෆයිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න