ආයතනික තොරතුරු

PMF ෆයිනෑන්ස් පීඑල්සී » ආයතනික තොරතුරු

PMF ෆයිනෑන්ස් පීඑල්සී , ශ්‍රීලාංකීය බැංකු, මූල්‍ය සහ කල්බදු ක්ෂේත්‍රයන්හි පසුගිය වසර 38 කට අධික කාලයක් පුරාම පැන නැගුණු සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණදෙන ලදි. නව මංපෙත් විවර කරමින් නව ප්‍රබෝධයකට, ප්‍රතිනිර්මාණිකරණයකට, ප්‍රතිස්ථානගත කිරීමකට සහ නවප්‍රාණවත් කිරීමකට තුඩු දෙන නව ලාභදායි ව්‍යාපාර අවස්ථා හරහා සමාගමේ ඉලක්ක සපුරා ගැනීමට PMF ෆයිනෑන්ස් පීඑල්සී ට අවශ්‍ය කරන්නාවු ප්‍රාග්ධනය සහ ශක්තිමත් ව්‍යාපාර ආකෘතියට කදිමටම ගැලපෙන දිගුකාලීන ආයෝජන හවුල්කරුවෙක් වශයෙන් 2019 වසරේ, PMF ෆයිනෑන්ස් පීඑල්සී හි ආයතනික ගමන් මගෙහි මං සළකුණක් ළඟා කර ගනිමින් “ස්ටලිං කැපිටල් ඉන්වෙස්ට්මන් (ප්‍රයිවේට්) ලිමිටඩ්” (SCIL), නව ප්‍රධාන කොටස්කාර සමාගමක් වශයෙන් සම්බන්ධ කර, අපගේ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි මීළඟ ඉදිරි පියවරට ප්‍රවේශය සඳහා සමාගමේ පාලන පරිචයන් සහ අවදානම් කළමණාකරණ ආකෘතීන් ශක්තිමත් කිරීම සඳහා සමාගමේ සැබෑ ශක්තිය ඉස්මතු කර ගැනීම පිණිස, බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්බන්ධ දුරදක්නා සවිඥාණයෙන් පිරිපුන්, උසස් ආචාර ධර්මතාවයන් සහ බුද්ධිමත් ඉහළ පෙළේ වෘත්තියවේදින් පිරිසකගෙන් සමන්විත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ව්‍යාපාර නායකත්වයට පත්කර ගත්තෙමු.

සමාගමේ නම

PMF ෆයිනෑන්ස් පීඑල්සී

අපගේ දැක්ම

“ඕනෑම ස්ථානයක, නිරන්තරයෙන්ම, විශිෂ්ඨත්වයකින් යුතුව මූල්‍ය සේවා සැළසීම”

මෙහෙවර ප්‍රකාශය

“උද්දීපනය වූ කණ්ඩායමක් මගින් බොහෝ ස්ථානයන්හි බොහෝ ජීවිත සාරවත් කිරීම”

සාරධර්ම

  • අවංකභාවය– අප සැම කල් උපරිම ආචාරධර්ම ප්‍රමිතීන් අනුගමනය කරමින්, අපෙන් ඉෂ්ඨ විය යුතු යුතුකම් නොපිරිහෙලා එලෙසින්ම ඉටුකරන්නෙමු. අපගේ සුවිශේෂි අනන්‍යතාවය වන්නේ, සෘජුව සහ අවංකව කටයුතු කිරීමට අපගේ කැපවීමයි.
  • සම්බන්ධතා– විශ්වාසය සහ අන්‍යොන්‍ය ලාභය සඳහා ඇති රුචිකත්වය මත අපගේ සෑම පාර්ශ්ව කරුවකු සමග අන්‍යොන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන රැක බලා ගැනීම් සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කරමු.
  • ගෞරවය– අප සැළකුම් ලැබීමට රිසි යම්සේද, එයාකාරයෙන්ම අපි අන් අයට අඛණ්ඩව සළකමු.
  • ජන සමාජය– අපි ශ්‍රී ලාංකීය ජන සමාජයේ කොටස් කරුවෝ වන අතර එම නිසාම අප සමාජයේ සංස්කෘතික අගයන් දැඩිසේ අගය කරමු. දේශීය ජන සමාජයේ සෑම යහපත් සංස්කෘතික අගයන්ටම ගෞරවය දැක්වීම අපගේ වගකීම බව අපි මැනවින් හඳුනාගෙන සිටිමු.
  • විශිෂ්ඨත්වය කරා යොමුවීම–අපගේ උද්යෝගය සහ විශ්වාසයට අභියෝග කරමින් විශිෂ්ඨත්වය වපුරමු. අසමසම සේවාවකින් විශිෂ්ඨ අත්දැකීමක් ලබා දීමට අපි නිතිපතා උත්සුක වන්නෙමු.

නෛතික පුද්ගලභාවය

PMF ෆයිනෑන්ස් පීඑල්සී, 1983 ජනවාරි 26 දින අංක N (PBS) 22 ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද, 1994 ජූලි කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කර ඇති, වගකීම් සීමාසහිත පොදු සමාගමකි. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ, 2008 සැප්තාම්බර් 16 වන දින නැවත ලියාපදිංචි කර ඇත.2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත සහ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ 2012 අප්‍රේල් 17 දින ලියා පදිංචි කර ඇත.

සමාගමේ ලියාපදිංචි අංකය

PQ 200

LRA ශ්‍රේණිගත කිරීම

Credit Rating B+ (Stable) by Lanka Rating Agency

කොටස් වෙළෙඳපලේ ලැයිස්තුගත කිරීම පිළිබඳ විවරණය

සමාගමේ සාමාන්‍ය කොටස් 1994 ජූලි මාසයේදි කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කරන ලදි.

විගණකවරු

Messrs. K P M G ෆෝඩ් රෝඩ්ස්, තෝන්ටන් & කම්පනි – වරලත් ගණකාධිකාරිවරු

තැපැල් ලිපිනය

අංක361,361/1, ආර්.ඒ. ද මෙල් මාවත,
කොළඹ – 03

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය