රන් ණය

PMF ෆයිනෑන්ස් පීඑල්සී » රන් ණය

PMF ෆයිනෑන්ස් පීඑල්සී විවිධාංගණය කරන ලද නිපැයුම් රාශියකින් සේවා සපයන අතර අවුරුදු 38කට අධික කාලයක් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට අප සමාගම සමත් වී ඇත. දිවයිනේ සතර දිග් භාගයේ අස්සක් මුල්ලක් නෑර, නාගරික සහ ග්‍රාමීය පෙදෙස්වල වෙසෙනා අපගේ හද දිනාගත් අප්‍රමාණ ගණුදෙනුකාර භවතුන් රන් ණය සේවාවට ඉකුත් දශකය තුළ දැක්වූ අනුග්‍රහය තුලින්, අපගේ විශ්වාසනීය සේවාවන්ගෙන් එක් සේවාවක් වූ රන් ණය සේවාව සඳහන් කල හැක. ආදායම් උත්පාදන කාර්‍ය්‍යයක් සඳහා හෝ වෙනත් පාරිභෝජන අවශ්‍යතා සඳහා, පීපල්ස් මචන්ට් ෆිනෑන්ස් රන් ණය (උගස් සේවාව), කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේ පහසුම ක්‍රමයවේ. ඔබ වයස අවුරුදු 18 ට වැඩි නම් ඔබටත් මෙම සේවාව යටතේ ස්වර්ණාභරණ, රන් බිස්කට් සහ කාසි උගසට තැබීමෙන් ණය මුදලක් ලබා ගැනීමට ඔබ සුදුසුකම් ලබනු ඇත.

සුවිශේෂි ලක්ෂණ සහ ප්‍රතිලාභ

  • ඔබට අවශ්‍ය කරන අත්තිකාරම, පොලි අනුපාතය සහ ආපසු ගෙවීමේ ක්‍රමය ඔබගේ අවශ්‍යතාවය සහ කැමැත්ත පරිදි ඉටුකරවා ගැනීමට හැකිවන ඉතා නම්‍යශීලි රන් ණය යෝජනා ක්‍රම ඔබගේ පහසුව තකා අපි ඔබට සූදානම් කර ඇත්තෙමු.
  • අනෙකුත් තරඟකාරි ආයතන සමග සසඳන කල්හි, වෙනත් ගාස්තු අය නොකර, අනෙකුත් ආයතන අය කරන පොලියට වඩා බෙහෙවින් තරඟකාරි අඩු මාසික පොලි අනුපාතයක් අය කරන්නෙමු
  • රන් සහ ස්වර්ණාභරනයන්හි කැරට් අගය අනුව අප සමාගම සෑම විටම ආකර්ෂණීය අත්තිකාරම් මුදලක් ලබා දෙනු ඇත
  • ඔබගේ ගණුදෙනුව විනාඩි 5ක් වැනි කෙටි කාලයකදි අපි සම්පූර්ණ කරන්නෙමු
  • ඕනැම වර්‍ගයේ රන් භාණ්ඩයක් අපි භාර ගන්නෙමු
  • පූර්ව දැනුම් දීමකින් තොරව දවස තුළ ඕනෑම වේලාවක උකස් කරන ලද භාණ්ඩ බේරා ගත හැක
  • ඕනැම මොහොතක මුල් උකස් ණය මුදල අඩුකර ගත හැක
  • ඔබ විසින් ගෙවිය යුතු පොලිය අපගේ ශාඛා ජාලයේ ඕනෑම ශාඛාවකට ගෙවා ගැනීමේ පහසුව ඔබට ඇත
  • ලිපිලේඛන ගාස්තු, අධිභාර, රක්ෂණ ගාස්තු වැනි සැඟවුණු ගාස්තු කිසිවක් අපගේ PMF රන් ණය ක්‍රමයේ අඩංගු නැත.
  • ඔබගේ වටිනා රන් භාණ්ඩ සඳහා නොමිළයේ රක්ෂණාවරණයක් සළසා දෙමු
  • ඔබගේ භාණ්ඩ එකින් එක හෝ සම්පූර්ණයෙන් එකවර හෝ බේරුම් කළ හැක
  • පොලි ගෙවීමේදි සහ අළුත් කිරීමේදි පාරිභෝගික භවතුන් ඉදිරියේ කළ යුතු බවට අවශ්‍යතාවක් නොමැත
  • අපගේ සුහදශීලි, වෘත්තීමය සහ පුහුණුව ලත් කාර්ය මණඩලය ඔබට උපරිම රහස්‍යභාවය රැකෙන පරිදි ඔබගේ රන් භාණ්ඩවලට කිසිදු හානියක් නොකර නවීන තාක්ෂණය ඇසුරින් සේවය සැළසීමට බැඳි සිටි

PMF ෆයිනෑන්ස් පීඑල්සී ඔබව සාදරයෙන් පිළිගනිමු

ඔබගේ ව්‍යාපාරික ධනයේ, අඛණ්ඩ වර්ධනයක් සඳහා අගය එකතු කිරීමේ විසඳුම් රාශියක් සළසා දීමට, වසර 40 කට අධික කාලයක පුළුල් පළපුරුද්දක් සමග පීපල්ස් මචන්ට් ෆිනෑන්ස් පීඑල්සීයට ශක්තිය ඇත. සියල්ලන් හඹායන මානුෂීය ආභාෂයක් සහිත ව්‍යාපාරික නිපුණත්වයකින් යුතු, ගුණාත්මක බවින් උසස්, එකිනෙක ව්‍යාපාර සඳහා එයටම ආවේණික වූ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන මූල්‍යමය විසඳුම් සළසන ආයතනයක් වීම.

මාර්ගගත විමසීම්

අද අප හා සම්බන්ධ වන්න