ටෙරන්ස් කුමාර මහතා

ප්‍රධාන විධායක නිලධාරි

2022 ජුනි 15 වන දින නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත් වුණු ටෙරන්ස් කුමාර මහතා 2023 ජනවාරි 9 වන දින සිට ප්‍රධාන විධායක නිලධාරී ලෙස උසස් කරන ලදී.

සුදුසුකම්, කුසලතා සහ පළපුරුද්ද:

ඉහළ අධ්‍යයන සුදුසුකම් සහිත පළපුරුදු මූල්‍ය අංශයේ වෘත්තිකයෙකු වන ටෙරන්ස් කුමාර මහතා මූල්‍ය, ලීසිං, ආයතනික මූල්‍ය සහ ආයෝජන කළමනාකරණ ක්ෂේත්‍රවල වසර 20කට අධික විවිධාංගීකරණය වූ විශේෂඥතාවක් සහිත දේශීය හා ජාත්‍යන්තර ආයතන රැසකට සේවය සැපයූ අයෙකි. ඔහුට මූල්‍ය වාර්තාකරණය, බදුකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ ගනුදෙනු ව්‍යුහගත කිරීම සහ විශ්ලේෂණය පිළිබඳ ඉහළ පළපුරුද්දක් ඇත. අභ්‍යන්තර පාලන ක්‍රම සැලසුම් කිරීම, නෛතික, අනුකූලතා සහ මූල්‍ය අවදානම් කළමනාකරණය පිළබඳව වසර ගණනක අත්දැකීම් සහිත කුමාර මහතාට ව්‍යාපාරික අවශ්‍යතා විශ්ලේෂණය කිරීම, හඳුනා ගැනීම සහ අවශ්‍ය සේවා සැපයීම හරහා ක්‍රියාත්මක කළ හැකි උපාය මාර්ග බවට පරිවර්තනය කිරීමෙහිලා විශේෂඥතාවක් පවතී. මීට අමතරව, සණස සංවර්ධන බැංකුවේ ඔහුගේ සේවා කාලය තුළ, ඔහු ශ්‍රී ලංකාවේ පළමු අයිතිවාසිකම් නිකුතුව සඳහා  ඩිජිටල් වේදිකාවක් තුළ මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත.

ටෙරන්ස් කුමාර මහතා ඕස්ට්‍රේලියාවේ Southern Queensland විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇති අතර, Institute of Chartered Accountants of Sri Lanka (ICASL) හි සහ-සාමාජිකයෙකු ද වේ. එමෙන්ම Institute of Certified Management Accountants of Sri Lanka (CMASL) හිද සාමාජිකයෙකු වන ටෙරන්ස් කුමාර මහතා Association of Accounting Technicians of Sri Lanka (AAT) හිද සාමාජිකයෙකු වේ. තවද, ඔහු Chartered Institute of Management Accountants of UK (CIMA) හි finalist කෙනෙකි .

පෙර තනතුරු:

ඔහු PMF ෆයිනෑන්ස් PLC හා සම්බන්ධ වීමට පෙර SANASA Development Bank PLC හි ප්‍රධාන මූල්‍ය නිලධාරියාව සිටි අතර, අඩු ආදායම්ලාභී ජනාවාස සඳහා වන Lanka Financial Services හි ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස ද සේවය කර ඇත. එමෙන්ම Ali Al Aufy සමාගම් සමූහයේ මූල්‍ය පාලක ලෙස ද, ලිස්වින් ඉන්වෙට්මන්ට්ස් Ltd., ඇසට්ලයින් ලීසිං Co. Ltd., Lanka Tech Computers and Jayaweera & Company යන ආයතනවල වරලත් ගණකාධිකාරීවරයා ලෙස ද සේවය කර ඇත.

අමිල කටුවාවල මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – ණය සහ මෙහෙයුම්

කටුවාවල මහතා බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන විශාල සංඛ්‍යාවක සේවය කර ඇති, වසර 18ක කාල පරාසයකට විහිදෙන. ණය අනුමත කිරීම, ණය පරිපාලනය හා ණය අය කර ගැනීම්, ණය අවදානම, නව නිපැයුම් සංවර්ධන, උපායමාර්ගික සැළසුම්, ණය මෙහෙයුම් කටයුතු, පුහුණු සහ සංවර්ධන වැනි විවිධ අංශයන්හි විශේෂඥ දැනුමක් ඔහු සතුව ඇත.

කටුවාවල මහතා DFCC බැංකුවේ අභ්‍යාසලාභි ණය නිලධාරියෙක් වශයෙන් සිය රැකියා දිවිය අරඹා, ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සි, ICICI Bank සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සි යන සමාගම් හි ණය සහ මෙහෙයුම් සම්බන්ධ නායකත්ව තනතුරු දරා ඇත. එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධියක්ද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ණය කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද ඔහු සතුය. වර්‍තමානයේ ඔහු ණය දෙපාර්තුමේන්තුව, ව්‍යවසායක මූල්‍ය සම්පාදන ඒකකය, ත්‍රී රෝද රථ ඒකකය සහ සමාගමේ ණය, ස්ථාවර තැන්පතු සහ ආන්තික වෙළෙඳාම් මෙහෙයුම් ඒකකයන්ට නායකත්වය සපයයි.

ඩිලාන් වසන්ත මහතා

තැන්පතු බල ගැන්වීමේ ප්‍රධානී (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී)

තැන්පතු බල ගැන්වීමේ ප්‍රධානි (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී) ලෙස මූල්‍ය අංශය තුළ අරමුදල් රැස්කිරීම පිළිබඳව වසර 20කට අධික පළපුරුද්දක් ඇති ඩිලාන් වසන්ත මහතා සීමාසහිත සෙලින්කෝ ග්‍රාමීන් ක්‍රෙඩිට් සමාගම (දැනට HNB ෆයිනෑන්ස්) සහ කොමර්ෂල් ක්‍රෙඩිට් PLC හි විවිධ තනතුරු හොබවා ඇත. PMF හා සම්බන්ධ වීමට පෙර ඩිලාන් මහතා නේෂන් ලංකා ෆයිනෑන්ස් PLC හි ආයෝජන සහ ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහු ව්‍යාපාර පිළිබඳව Pearson BTEC Level 5 උසස් ජාතික ඩිප්ලෝමාව (කළමනාකරණ), Aquinas උසස් අධ්‍යයන විද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාව, IBSL හි අරමුදල් කළමනාකරණය සහ ABE සුදුසුකම් (Level 7) පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇත.

දිනිල් පෙරේරා මහතා

විද්‍යුත්කරණ අංශ ප්‍රධානි

දිනිල් පෙරේරා මහතා තොරතුරු තාක්ෂණ සේවා කළමණාකරණය, මෙහෙයුම් කළමණාකරණය, ව්‍යාපෘති / කළඹ කළමණාකරණය, දත්ත මධ්‍යස්ථාන කළමණාකරණය, ගණුදෙනුකරුවන්ගේ බැංකු මෙහෙයුම් සහ විද්‍යුත්කරණ (ඩිජිටල්) නිපැයුම් ක්ෂේත්‍රයන්ට නිරාවරණය වූ බැංකුකරණයේ වසර 30ට අධික පුළුල් පළපුරුද්දක් ඇති ප්‍රතිඵල සපුරාලන තාක්ෂණ කළමණාකරණ වෘත්තිකයෙකි.
1989 ශ්‍රී ලංකාවේ “ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ” සිය රැකියා දිවිය ඇරඹූ පෙරේරා මහතා කටාර් හි “කොමෂල් බැංකුවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ” තොරතුරු තාක්ෂණ අංශයේ විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇත. PMF ෆයිනෑන්ස් පීඑල්සී යට සම්බන්ධ වීමට පෙර සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන විද්‍යුත්කරණ නිලධාරි ලෙස සේවය කරන ලදි. පෙරේරා මහතා ඇකඩමි ඔෆ් ඉන්ටනැෂනල් බිස්නස් හි (AIB) බැංකුකරණය පිළිබඳ අන්තර් මධ්‍ය ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති අතර, ඔහු සහතිකලත් ව්‍යාපෘති කළමණාකරණ වෘත්තිකයෙක් සහ ව්‍යාපෘති කළමණාකරණ ආයතනයේ සාමාජිකයෙක්ද වේ.

Mr. Sahan Rodrigo

Assistant General Manager – Recoveries and Real Estate

Mr. Rodrigo provides oversight to the entire recover operation of PMF. He counts over 18 years of extensive experience in the finance industry, particularly in recovery and legal operations. He commenced his career at Seylan Merchant Leasing Ltd., as a Banking Assistant. He has worked at Central Finance PLC and held diverse positions in Softlogic Finance PLC over 12 years.

He holds an MBA from the Cardiff Metropolitan University – UK, holds L.LB (Hons) Degree from the Buckinghamshire New University – UK, a Diploma in Credit Management and an NCC International Diploma from the University of Cambridge. He is an Associate member of the Sri Lanka Institute of Credit Management.

අතුල බණ්ඩාරනායක මහතා

සහකාර සාමාන්‍යාධිකාරී – අවදානම් සහ කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS)

මූල්‍ය, උපාය මාර්ගික සැලසුම් සහ MIS පිළිබඳ වසර 19කට වැඩි පළපුරුද්දක් ඇති අතුල බණ්ඩාරනායක මහතා Sun Match Company Ltd. සමග සම්බන්ධ වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර Earl’s Court Group of Companies, ඇසට්ලයින් ෆයිනෑන්ස් ලිමිටඩ්, සහ ඔරියන්ට් ෆයිනෑන්ස් PLC හිද ප්‍රධාන තනතුරු දරා ඇත.

ඔහු ඕස්ට්‍රේලියාවේ Southern Queensland විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ MBA විශේෂඥතාවක්, ව්‍යාපාර සහ මූල්‍ය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් (CA Sri Lanka), ව්‍යාපාර සහ ගිණුම්කරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාවක් (CA Sri Lanka) සහ ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් (IBSL) ලබා ඇත. ඔහු ලීසිං සහ කුලී මිලදී ගැනීම් (IBSL) පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් සහ වරලත් බදු උපදේශක (CA ශ්‍රී ලංකා) සහතික මට්ටම සම්පූර්ණ කර ඇත. එමෙන්ම ඔහු Certified Management Accountants ආයතනයේ (CMA – Australia) සාමාජිකයෙකි.

නිලන්ත පෙරේරා මහතා

මානව සම්පත් ප්‍රධානි

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වසර 30කට අධික පළපුරුද්දක් ඇති නිලන්ත පෙරේරා මහතා PMF හා සම්බන්ධ වීමට ප්‍රථම ඔරියන්ට් ෆිනෑන්ස් PLC සහ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් PLC හි මානව සම්පත් ප්‍රධානියා ලෙසත් ලක්දෙරණ ආයෝජනයේ මානව සම්පත් උපදේශකයෙකු ලෙසත් සේවය කර ඇත. සමාගම් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් පිළිබඳවත්, විධිමත් මානව සම්පත් අංශ පිහිටුවීම පිළිබඳවත් ඔහුගේ පූර්ව කාර්යභාරය වූ අභ්‍යන්තර HRIS පද්ධති ගොඩනැගීම පිළබඳවත් ඔහු තුළ පුළුල් අවබෝධයක් පවතී.

නිලන්ත පෙරේරා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද හදාරා ඇත. ඔහු Chartered Institute of Personnel Management (CIPM) හි වරලත් සාමාජිකයෙකි.

එමෙන්ම Chartered Institute of Personnel Management හි (CIPM) බාහිර කථිකාචාර්යවරයෙකු වන නිලන්ත පෙරේරා මහතා JFS හෝල්ඩින්ස් මණ්ඩලයේ ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරයි.

සම්පත් කුමාර මහතා

සහකාර සාමාන්‍යාධිකාරී – අභ්‍යන්තර විගණන අංශය

K. G. සම්පත් කුමාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් BSc (මුල්‍ය) (Sp) උපාධියක් සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) MBA උපාධියක් ලබා ඇත. Institute of Chartered Accountants of Sri Lanka (CA)හි සහකාර සාමාජිකයෙකු වන ඔහු KPMG, CDB ෆයිනෑන්ස් PLC, රිචඩ් පීරිස් ෆයිනෑන්ස් Ltd සහ ප්‍රමුඛ බහුජාතික සමාගමක් වන Samsung India Electronics Ltd ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර සමාගම්වල සේවය කරමින් මූල්‍ය කළමනාකරණය, අවදානම් කළමනාකරණය සහ විගණනය පිළිබඳව වසර 15කට අධික පළපුරුද්දක් ලබා ඇත.

අජිත් මේඩිස්

ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ ප්‍රධාන උපාය මාර්ග නිලධාරි

බැංකු හා මුල්‍ය ක්‍ෂේත්‍රයේ වසර 30කට අධික පළපුරුද්දක් ඇති මහාචාර්ය අජිත් මේදිස් සතු දැනුම් සම්භාරය සහ විශේෂඥ දැනුම PMF Finance PLC වෙත ඉමහත් ශක්තියක් ගෙන එයි.

මහාචාර්ය අජිත් මේදිස් PMF හා සම්බන්ධ වීමට පෙර, වසර 20 කට අධික කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද, පීපල්ස් මර්චන්ට් බෑන්ක් PLC හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස ද, ලංකා ඔරික්ස් ලීසිං සමාගමෙහි අලෙවි විධායක ලෙස ද සේවය කර ඇත. ඉහළ ශාස්ත්‍රීය පසුබිමක් සහිත මේදිස් මහතා කැළණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) ගෞරව උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා විශ්වවිද්‍යාලයෙන් උපාය මාර්ග පිළිබඳ ආචාර්ය උපාධිය ද හදාරා ඇත.

එලායන්ස් ෆිනෑන්ස් PLC හි අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර ඇති මේදිස් මහතා, මූල්‍ය ක්ෂේත්‍රයේ උපදේශන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වී ඇති අතර, මූල්‍ය නොවන අංශයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද, මූල්‍ය සමාගම් 20කට අධික සංඛ්‍යාවක විවිධ අංශ ඔස්සේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කර ඇත. ශාඛා මෙහෙයුම්, විකුණුම්, අයකරගැනීම්, තැන්පතු බලමුලු ගැන්වීම, රන් ණය සහ මූල්‍ය ආයතනවල ලීසිං පහසුකම් ආදී ක්ෂේත්‍ර ගණනාවක සැලසුම්කරණය සහ පුහුණුව යටතේ ඔහුගේ විශේෂඥ භාවය විහිදී පවතී.