චන්දුල අබේවික්‍රම මහතා
සභාපති
චන්දුල අබේවික්‍රම මහතා 2019 ජූනි 26 දින සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පත්කරනු ලබන අතර PMF ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපති තුමා වනුයේ එතුමාය. සමාජ නව්‍යකරණය සඳහා සමාජ ප්රතිලාභ ලබා දෙන ව්‍යාපාර සංවර්ධන සහායට, එදා මෙදා තුර ඉදිරිපත් කල ප්‍රථම රියලිටි වැඩසටහන වූ, ශ්‍රී ලංකාවේ දැවැන්තම රූපවාහිනි නාලිකාවේ “ඇත් පවුර” රියලිටි වැඩසටහනෙහි සම-නිර්මාතෘ ඔහුය. සමාජයේ, පරිසරයේ ප්‍රශ්ණවලට සාර්ථක සහ තිරසාර විසඳුම් ලබා දෙන, නව උත්පාදන බිහිකරන දිවයින පුරා විසිරි සිටින සමාජ සුභසාධනයට කැපවන ව්‍යවසායකයන්හට ශක්තියක් වීමට, උර දීමට අවශ්‍ය ස්කන්ධ අරමුදල් සැපයීමට පිහිට වූ “ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටිං නෙට්වර්ක් (ප්‍රයිවේට්) ලිමිටඩ්” (LIIN) හි නිර්මාතෘ සහ සභාපති වන්නේද එතුමාය.
අබේවික්‍රම මහතා කුසලතාවන්ගෙන් පරිපූර්ණ සිල්ලර සහ සංවර්ධන බැංකුකරණයේ වසර 30 කට අධික විස්තීර්ණ විශේෂඥතාවයකින් සහ පළපුරුද්දකින් හෙබි, වරප්‍රසාද අහිමි තැනැත්තන්ට මූල්‍ය සම්පාදන කටයුතු පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙක් වශයෙන්, ආසියාවේ ප්‍රචලිතය. හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි -සිල්ලර සහ සංවර්ධන බැංකු කටයුතු (Deputy General Manager – Retail & Development Banking) වශයෙන් සිල්ලර සහ සංවර්ධන බැංකු කටයුතු ක්රමෝපායන්ට නායකත්වය සපයමින්, බැංකුවේ කුඩා සහ මධ්‍ය පරිමාණ (SME) සහ ක්ෂූද්‍ර මූල්‍ය කළඹයන්හි පැසසිය යුතු වාර්ථාගත ප්‍රගතියක් අත්කර දීමට, ඔහු සමත් විය. ඔහු හැටන් නැෂනල් බැංකුවේ සේවය කරන ලද කාලය තුල හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ හොඳම සිල්ලර බැංකුව (Best Retail Bank in Sri Lanka) සම්මානයෙන් “ඒෂියා මනි” විසින් පිදුම් ලැබීමට, වසරක් පාසා අඛණ්ඩව වසර 7ක් තිස්සේ හැකි විය. ඔහු වසර 25ක් සේවය කොට 2013 වසරේ විශ්‍රාම යන ලදි. ඉන් අනතුරුව 2014 සිට 2015 දක්වා ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon Chamber of Commerce) ව්‍යාපෘති කළමණාකාර අංශයේ (CCC Solutions) කළමණාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් ද 2016 සිට 2017 දක්වා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රමෝපාය සහ අලෙවිකරණ කටයුතු සම්බන්ධ උපදේශකවරයා වශයෙන්ද කටයුතු කරන ලදි.
අබේවික්‍රම මහතා සංවර්ධන බැංකුකරණය, වරප්‍රසාද අහිමි තැනැත්තන්ට ලබාදෙන මූල්‍ය සම්පාදනය සහ සමාජ ප්රතිලාභ ලබාදෙන ආයෝජන යටතේ විවිධ ජාත්‍යන්තර සම්මේලන රාශීයක, විශේෂඥවරයෙක් ලෙස සහභාගි වී ඇති අතර ඔහු ආසියාවේ දැවැන්තම ක්ෂූද්‍ර මූල්‍ය ජාලය වන BWTP (Banking With The Poor Network) හි වත්මන් සභාපතිවරයාය. ආසියානු බැංකු කරුවන්ගේ සම්මේලනයේ (Asian Bankers Association) – (ABA) වරප්‍රසාද අහිමි තැනැත්තන්ට ලබාදෙන මූල්‍ය සම්පාදනය සම්බන්ධ උපදේශක තනතුරට, ඔහුව මෑතකදි පත් කර ඇති අතර, ඔහු දේශීය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන රැසකම අධ්යක්ෂ තනතුරු දරා ඇත. රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් වැඩිම සංඛ්‍යාවක් ආයතනික සමාජ වගකිම (Corporate Social Responsibility) සම්බන්ධව නියෝජනය කරන ජාතික මට්ටමේ ආයතනයක් වන “සීඑස්ආර් ශ්‍රී ලංකා” (CSR Sri Lanka) හි සභාපතිත්වයද, පහළ ආදායම් නිවාස මූල්‍යනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව පිහිටවන ලද ඇප සහිත ණය අරමුදලක් වන “ලංකා ෆිනෑන්ෂල් සර්විසස් ෆො අන්ඩිසවඩ් සෙටල්මන්ට්ස්” (Lanka Financial Services for Underserved Settlements) හි සභාපතිත්වයද World Vision Lanka හි අධ්යක්ෂ ධූරයක්ද ඔහු දරයි.